Saturday, June 23, 2012

dialog tv හා peo tv HD තාක්ෂණයට සැරසෙයි

ඩයලොග් TV ආයතනය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ TV HD  විකාශන කටයුතු කිරීම සඳහා තාක්ෂණික කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව අයි.පි.ටී.වී තාක්ෂනය ඔස්සේ      ක්‍රියාත්මක වන පියෝ TV ඉදිරියේදී  UTStarcom සමග එක වී HD තාක්ෂනය ඔස්සේ විකාශය කල හැකි සෙටප් බොක්ස් හඳුන්වාදීමට නියමිතයි. ඩයලොග් ටීවී විසින් HD රූපවාහිනී නාලිකා කිහිපයක් ලබා දීම පරීක්ෂණ මට්ටමින් මේ වන විට ආරම්භ කර ඇති අතර ඔවුන් HD නාලිකා සඳහා වෙනම පැකේජයක් හඳුන්වාදීමට නියමිතයි.මේ වන විට අප වෙත වාර්තා වන්නේ පහත ඇති HD  නාලිකා රුපියල් 990 ක මාසික ගාස්තු යටතේ ලබා දීමට නියමිත බවකි. (බදු සමග රු. 1,200/-ක් පමණ.). මෙම නාලිකා හතරම full HD නාලිකා වේ.
           
              Star movies HD
              AXN HD
              Ten HD
               Nat Geo HD



එම නාලිකා සමග නොමිලේ ලැබෙන සාමාන්‍ය නාලිකා
        Fashion TV
        History Channel TV18
        Ten Action
        BBC Entertainment

තවද දැනට ඩයලොග් ටී.වී පරිශීලකයන්ට මෙම පහසුකම ලබාගැනීමට රුපියල් 2990 ක් ගෙවා HD රිසිවරයක් ලබා ගත යුතුය. 

0 comments:

Post a Comment